ඇමරිකාවේ කැලිෆෝනියා සරසවියේ (UC Berkeley) අධ්‍යාපනය ලබමින් සිටියදී අතුරුදහන්ව පසුව මියගොස් සිටි සොයාගත් 22 හැවිරිදි ඉන්දීය සිසුවෙකු වන සාකේත් ශ්‍රීනිවාසයියා (Saketh Sreenivasaiah) පිළිබඳ ඔහුගේ කාමර සගයා වන බනීත් සිං සංවේදී තොරතුරු කිහිපයක් හෙළි කර තිබේ. බනීත් සිං පවසන පරිදි, සාකේත් පසුගිය සති දෙකක කාලය තුළ අසාමාන්‍ය ලෙස හැසිරී ඇති අතර ඔහු ආහාර ගැනීම අවම කරමින් බාහිර ලෝකය සමඟ පවතින සබඳතා ද සීමා කර තිබේ. එම කාලය තුළ ඔහු ප්‍රධාන වශයෙන් ජීවත් වී ඇත්තේ චිප්ස් සහ කුකීස් වැනි කෙටි ආහාර මත පමණක් බවත්, මෙය ඔහුගේ මානසික පීඩනයක ලක්ෂණයක් විය හැකි බවත් බනීත් සඳහන් කරයි.
සාකේත් අවසන් වරට හමු වූ අවස්ථාවේදී ඔහු රතු පැහැති නාන ඇඳුමකින් (bathrobe) සැරසී දේශන සඳහා සහභාගී වී පැමිණි බවත්, ඒ පිළිබඳව විමසූ විට “තමන්ට දැන් කිසිවක් ගැන හැඟීමක් හෝ තැකීමක් නැති” බව පවසා ඇති බවත් බනීත් සිං සිහිපත් කළේය. එවකට එය විහිළුවක් ලෙස සැලකුවද, දැන් එය ඔහුගේ ජීවිතය පිළිබඳ කලකිරීමක පෙරනිමිත්තක් බව වැටහෙන බව ඔහු පවසයි. සාකේත්ගේ දේහය බර්ක්ලේ කඳුකරය අසල පිහිටි ඇන්සා විලෙහි (Lake Anza) තිබී සොයාගත් අතර, ඔහුගේ පවුලේ පිරිස් ඉන්දියාවේ සිට ඇමරිකාවට ගෙන්වා ගැනීමට සහ දේහය නැවත මෙරටට එවීමට අවශ්‍ය කටයුතු ඉන්දීය කොන්සල් කාර්යාලය සමඟ එක්ව සිදු කරන බව ද බනීත් වැඩිදුරටත් සඳහන් කළේය.














