දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මාර්ගයට සිදුවූ හානි නිසා තාවකාලිකව අත්හිටුවා තිබූ පුත්තලම දුම්රිය මාර්ගයේ මගී දුම්රිය ධාවන කටයුතු හෙට (16) සිට නැවතත් සාමාන්‍ය පරිදි පුත්තලම දුම්රිය ස්ථානය දක්වාම දීර්ඝ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. සුළි කුණාටුවෙන් පසු මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම සඳහා අදියර කිහිපයක් යටතේ මෙතෙක් ධාවන කටයුතු සීමා කර තිබූ අතර, ඒ අනුව මීට පෙර මීගමුව, කොච්චිකඩේ, නාත්තන්ඩිය සහ කුඩාවැව යන දුම්රිය ස්ථාන දක්වා පමණක් දුම්රිය ධාවනය විය. හෙට සිට මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත වීමත් සමඟ කොළඹ සිට පුත්තලම දක්වා වූ සමස්ත දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්වනු ඇත.














