ඓතිහාසික මහනුවර නගරය සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණය දිනාගත් සජීවී නගරයක් බවට පත්කිරීමේ අරමුණින්, මහනුවර රාත්‍රී වෙළඳ ප්‍රදර්ශනය සහ වෙළඳපොළ (Night Market) නැවත ආරම්භ කර තිබේ. මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මහනුවර මහ නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක ඒකාබද්ධ සංවිධානයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අබේකෝන්, මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සහ ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම රාත්‍රී පොළ නිල වශයෙන් විවෘත කෙරිණි. මෙලෙස රාත්‍රී වෙළඳාම යළි සක්‍රීය කිරීම තුළින් නගරයේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, දේශීය හා විදේශීය සංචාරකයන්ට නව අත්දැකීමක් ලබාදීමටත් බලධාරීන් අපේක්ෂා කරයි.














