කෘත්‍රිම බුද්ධිය (AI) මානව වර්ගයාගේ යහපත උදෙසා භාවිත කිරීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර ඇති විශේෂ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ආරාධනයකට අනුව සිදුවන මෙම සංචාරයේදී, නවදිල්ලි අගනුවරදී අද ආරම්භ වන මෙම සමුළුවට ජනාධිපතිවරයා එක්වනු ඇත. මෙම මස 20 වනදා දක්වා පැවැත්වෙන මෙම ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික හමුව සඳහා ලොව පුරා ප්‍රබල රාජ්‍ය නායකයින් රැසක් සහභාගී වීමට නියමිතව තිබේ.
පොලිසිය සහ විදේශ කටයුතු අංශ සඳහන් කරන පරිදි, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ඔටුන්න හිමි කුමරු ඇතුළු රටවල් 20ක රාජ්‍ය නායකයින් මෙයට එක්වන අතර, තවත් රටවල් 45කට අධික සංඛ්‍යාවක අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.
මෙහිදී කෘත්‍රිම බුද්ධිය වගකීම් සහගත ලෙස භාවිත කිරීම සහ අනාගත තාක්ෂණික සහයෝගීතාව පිළිබඳව වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිත බව වාර්තා වේ.














