2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහ ඉතාලිය අතර අද (16) පැවැත්වෙන තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 202ක් රැස් කළේය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ එංගලන්තය වෙනුවෙන් විල් ජැක්ස් පන්දු 32කදී නොදැවී ලකුණු 53ක් රැස් කළ අතර ටොම් බැන්ටන් ලකුණු 30ක් ලබා ගත්තේය. ඉතාලිය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ග්‍රාන්ට් ස්ටුවර්ට් සහ ක්‍රිෂාන් කළුගමගේ කඩුලු 2 බැගින් දවාලීමට සමත් වූහ. ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ඉතාලි කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 203කි.














