2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ අද (16) පැවති එංගලන්තය සහ ඉතාලිය අතර තරගයෙන් ලකුණු 24ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 202ක් රැස් කළේය. එහිදී විල් ජැක්ස් නොදැවී ලකුණු 53ක් රැස් කරමින් සිය කණ්ඩායම ශක්තිමත් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉතාලි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 178ක් පමණි. ඉතාලිය වෙනුවෙන් බෙන් මැනෙන්ටි ලකුණු 60ක් රැස් කරමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළද, සෑම් කරන් කඩුලු 03ක් දවාගනිමින් එංගලන්තයේ ජයග්‍රහණය තහවුරු කළේය.














