ලකුණු 182ක ඉලක්කයක් හඹා යාමේදී ආරම්භයේ සිටම කැන්ගරු පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කළ පැතුම්, සිය ඉනිම පුරා අලංකාර හතරේ පහරවල් සහ දැවැන්ත හයේ පහරවල් එල්ල කරමින් ප්‍රේක්ෂකයින් කුල්මත් කළේය. පන්දු 52කදී වාර්තා වූ මෙම ශතකය, ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස් කළ වේගවත්ම සහ වටිනාම ශතකයක් ලෙස විචාරකයින් හඳුන්වයි.
පැතුම්ගේ මෙම ‘මාරක’ ඉනිම හමුවේ ඔස්ට්‍රේලියාව කඩුලු 8කින් පරාජය වූ අතර, එම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව නිල වශයෙන් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීය. අයර්ලන්ත නායක ලෝර්කන් ටකර් මෙතෙක් තබා තිබූ ලකුණු 94ක වාර්තාව ද අභිබවා යමින් පැතුම් නිස්සංක මෙවර තරගාවලියේ රජු ලෙස අභිෂේක ලැබීමට මෙම ඉනිම සමත් විය.














