ස්පාඤ්ඤයේ ඊසානදිග කැටලෝනියාවේ පිහිටි මහල් නිවාස ගොඩනැගිල්ලක හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීන් තහවුරු කරයි. මියගිය පිරිස අතර බාල වයස්කරුවන් ද සිටිය හැකි බවට සැක කරන අතර, වින්දිතයින් සියලු දෙනා තරුණයින් බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
බාර්සිලෝනා නගරයට උතුරින් පිහිටි මැන්ලූ (Manlleu) ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක ගබඩා කාමරයක මෙම ගින්න හටගෙන තිබේ. ගින්න හටගත් අවස්ථාවේදී අදාළ ගබඩා පරිශ්‍රයෙන් පිටවීමට නොහැකි වීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බව වාර්තා වේ. මළ සිරුරු දැඩි ලෙස පිළිස්සී තිබීම නිසා වින්දිතයන් හඳුනා ගැනීමේ කටයුතු අද (17) දිනය දක්වා ප්‍රමාද වී ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් කැටලන් පොලිසිය (Mossos d’Esquadra) පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.














