අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට (18) දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නේය.
මෙසේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට ලක්වන්නේ වයස අවුරුදු 20 සහ 24 යන වයස්වල පසුවන සහෝදරයන් දෙදෙනෙකි. මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන වැඩිදුර විමර්ශන සඳහා මොවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
සැකකරුවන් දෙදෙනා අද දින අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලැබුණු අතර, ඝාතනයට හේතුව සහ ඊට සම්බන්ධ අනෙකුත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වයි.














