පසුගිය 14 වනදා ජින්තුපිටිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය වැළැක්වීමට කටයුතු නොකිරීම සහ රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළේය.
මෝදර අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් මෙම නිලධාරීන් දෙදෙනා වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ එම ස්ථානය ආසන්නයේ ජංගම මුර සංචාරයේ යෙදී සිට ඇත. පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්ෂා කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටියද, ඇප පනතේ ප්‍රතිපාදන සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරුවන්ට ඇප ලබා දීමට තීරණය කළේය.
මෙම නිලධාරීන් දෙදෙනා වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී එය වැළැක්වීමට උත්සාහ නොකර සිය රාජකාරිය පැහැර හැර ඇති බවට පොලිසිය විසින් මීට පෙර චෝදනා කර තිබුණි.














