වයඹදිග පාකිස්ථානයේ සිදුවූ දරුණු සන්නද්ධ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයින් 11 දෙනෙකු සහ එක් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද (17) අලුයම එල්ල වූ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් හත් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
ප්‍රහාරය එල්ල කළ සන්නද්ධ කණ්ඩායම පිළිබඳව මෙතෙක් නිල තොරතුරු අනාවරණය වී නොමැති අතර, පාකිස්ථාන ආරක්ෂක අංශ ප්‍රදේශයේ දැඩි සෝදිසි මෙහෙයුම් සහ විමර්ශන ආරම්භ කර තිබේ. පසුගිය කාලසීමාව පුරාම පාකිස්ථානයේ වයඹදිග ප්‍රදේශවල සන්නද්ධ කල්ලි සහ ත්‍රස්ත කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය ඉහළ ගොස් ඇති බවද විදෙස් වාර්තාවල සඳහන් වේ.
මියගිය ආරක්ෂක අංශ සාමාජිකයින් වෙනුවෙන් පාකිස්ථාන රජය සිය ශෝකය පළ කර ඇති අතර, තුවාල ලැබූවන්ගේ තත්ත්වය තීරණාත්මක බව රෝහල් ආරංචි මාර්ග පවසයි.














