බංග්ලාදේශ මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත් බංග්ලාදේශ ජාතික පක්ෂයේ (BNP) නායක තාරික් රෙහෙමාන් (Tarique Rahman) එරට 11 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස අද (17) පස්වරුවේ දිවුරුම් දුන්නේය. ඩකා නුවර පිහිටි ජනාධිපති මන්දිරයේදී එරට ජනාධිපතිවරයා ඉදිරියේ මෙම නිල දිවුරුම් දීම සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දීමට පෙර, එරට නව අමාත්‍ය මණ්ඩලය ද අද උදෑසන දිවුරුම් දෙනු ලැබූ අතර, බංග්ලාදේශයේ ඇති වූ දේශපාලන අස්ථාවරභාවයෙන් පසු පැවැති මෙම තීරණාත්මක මැතිවරණයෙන් තාරික් රෙහෙමාන් ප්‍රමුඛ සන්ධානය බහුතර බලයක් හිමිකර ගැනීමට සමත් විය. හිටපු අගමැතිනී ඛලීඩා සියාගේ පුත්‍රයා වන තාරික් රෙහෙමාන් මෙලෙස අගමැති ධුරයට පත්වන්නේ වසර ගණනාවක පිටුවහල් ජීවිතයකින් පසුව වීම විශේෂත්වයකි.
නව රජය යටතේ බංග්ලාදේශයේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය යළි ස්ථාපිත කිරීම සිය ප්‍රමුඛතම කාර්යය වන බව දිවුරුම් දීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.














