කළුතර උතුර, වාඩියමංකඩ ප්‍රදේශයේ වෙළඳසැල් හිමියෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු, ඝාතනය සඳහා තුවක්කුකරුවන් පැමිණි යතුරුපැදිය සැපයූ පුද්ගලයා බවට අනාවරණය වී ඇත. පසුගිය පෙබරවාරි 14 වනදා රාත්‍රී 7:30 ට පමණ යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් 33 හැවිරිදි ෂිවොන් පුෂ්පකුමාර නැමැති වෙළඳසැල් හිමියා ජීවිතක්ෂයට පත් විය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සැකකරු කළුතර උතුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, වෙඩි තැබීම සිදුකළ ප්‍රධාන සැකකරුවන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.













