ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය විසින් ක්‍රියාත්මක කරන විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ (17) දිනයේදී පමණක් සැකකරුවන් 887 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.
දිවයින පුරා සිදුකළ දැඩි වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ද සිටින බව වාර්තා වේ. මත්ද්‍රව්‍ය උවදුරෙන් තොර සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමේ අරමුණින් ආරක්ෂක අංශ සහ සිවිල් සංවිධාන ඒකාබද්ධව මෙම විශේෂ මෙහෙයුම් දියත් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් බරපතල ගණයේ ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන අතර, අනෙක් පිරිස අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙහෙයුම අතරතුර සොයාගත් විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සහ ඒවායේ වටිනාකම පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පොලිසිය විසින් ඉදිරියේදී නිකුත් කරනු ඇත.














