ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අද (18) නිකුත් කළ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව තිබේ.
පසුගිය 16 වනදා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී පැතුම් නිස්සංක වාර්තා කළ අතිවිශිෂ්ට ශතකය මෙම ඉදිරියට පැමිණීමට ප්‍රධාන හේතුව වී ඇත. ඒ අනුව ඔහු පෙර පැවැති 6 වන ස්ථානයේ සිට ස්ථාන 3ක් ඉදිරියට පැමිණෙමින් ලොව 3 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.
නවතම ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය ඉන්දියාවේ අභිෂේක් ෂර්මා (Abhishek Sharma) විසින් රැකගෙන ඇති අතර, දෙවන ස්ථානයේ එංගලන්තයේ පිල් සෝල්ට් (Phil Salt) පසුවෙයි.
ලොව දක්ෂතම විස්සයි20 පිතිකරුවන් 10 දෙනා අතර රැඳී සිටින එකම ශ්‍රී ලාංකික පිතිකරුවා වන්නේ ද පැතුම් නිස්සංකයි. වත්මන් රජය ක්‍රිකට් පරිපාලනය සඳහා හඳුන්වා දුන් නව වෙනස්කම් සහ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඔප්නැංවීමේ වැඩපිළිවෙළ හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජාත්‍යන්තර මට්ටමින් මෙලෙස ඉදිරියට පැමිණීම විශේෂත්වයකි.
පැතුම් නිස්සංක මෑතකදී එක්දින තරගවලදී ද දැක්වූ දක්ෂතා හේතුවෙන් ආකෘති දෙකේදීම (ODI & T20I) ඉහළම ශ්‍රේණිගත කිරීම් අතර රැඳී සිටීමට ඔහුට හැකි වී තිබේ.














