• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැලි හිඟයට විද්‍යාත්මක විකල්ප

19 February 2026
in දේශීය, පුවත්
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැලි හිඟයට විද්‍යාත්මක විකල්ප
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිකිරීම් කර්මාන්තයට අත්‍යවශ්‍ය ගංගා වැලි මිල අධික ලෙස ඉහළ යාම සහ පවතින හිඟය මඟහරවා ගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රියාදාමයන් ඔස්සේ නිෂ්පාදිත විකල්ප වැලි වර්ග භාවිතය නිර්දේශ කර ඇති බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කුමුදුලාල් බෝගහවත්ත මහතා පවසයි. ඊයේ (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ නිෂ්පාදිත වැලි (M-Sand), සිහින්ව කුඩු කරන ලද පාෂාණ (Crushed Rock Fines) සහ පිරිසිදු කරන ලද අක්වෙරළ වැලි (Offshore Sand) මේ සඳහා යෝග්‍ය බවයි. මෙම සියලු ද්‍රව්‍ය පොදුවේ හැඳින්වීම සඳහා “සියුම් සමාහාරක” (Fine Aggregate) යන තාක්ෂණික නාමය හඳුන්වා දී තිබේ.
ගංගා වැලි කියුබ් එකක මිල රුපියල් 35,000ක් දක්වා ඉහළ යාම නිසා ඉදිකිරීම් පිරිවැය දැඩි ලෙස වැඩි වී ඇති අතර, අධික ලෙස වැලි ගොඩදැමීම හේතුවෙන් ගංගා ජල මට්ටම පහළ බැස මුහුදු ජලය ගංගාවලට මිශ්‍ර වීමේ පාරිසරික ගැටලු ද උද්ගත වී ඇත. මේ හේතුවෙන් පානීය ජලය ලවණ වීම වැළැක්වීමට සහ පරිසරය සුරැකීමට විකල්ප වැලි භාවිතය අත්‍යවශ්‍ය වී තිබේ. කෙසේ වෙතත් ගංගා වැලි භාවිතය තහනම් කර නොමැති අතර, ඉදිරියේදී රජයේ ඇස්තමේන්තු සකස් කිරීමේදී මෙම විකල්ප ද්‍රව්‍ය ද ඇතුළත් කළ හැකි පරිදි නීතිමය පසුබිම සකස් කරන බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මොරටුව විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය එස්.එම්.ඒ. නානායක්කාර මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා ප්‍රමිතියට (SLS) අනුකූල ඕනෑම විකල්ප වැලි වර්ගයක් ඉදිකිරීම් සඳහා ආරක්ෂිත බව පර්යේෂණ මඟින් තහවුරු කර ඇති බවයි. තාක්ෂණික දැනුම නොමැතිකම නිසා බොහෝ දෙනා විකල්ප භාවිතයට මැළිකමක් දැක්වුවද, ගංගා වැලිවලට සමාන ශක්තියක් මෙම නිෂ්පාදිත වැලි මඟින් ලබාගත හැකි බව ඔහු පෙන්වා දුන්නේය. ඉදිරි වසර දෙක තුළ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් අපේක්ෂා කරන බැවින්, පවතින වැලි අවශ්‍යතාව සපුරා ගැනීමට ජනතාව මෙම විද්‍යාත්මක විකල්ප කෙරෙහි යොමු වීම වැදගත් වේ.
Post Views: 2
Previous Post

සමන් බලන්න වැලිකඩට ආ චන්ද්‍රිකා රට හදන හැටි කියයි

Next Post

මහනුවර සහ තදාසන්න නගරවල උග්‍ර ගෘහස්ත ගෑස් හිඟයක්

Editor TTV News

Editor TTV News

Next Post
මහනුවර සහ තදාසන්න නගරවල උග්‍ර ගෘහස්ත ගෑස් හිඟයක්

මහනුවර සහ තදාසන්න නගරවල උග්‍ර ගෘහස්ත ගෑස් හිඟයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ 4 වන ආදර්ශ එක්සත් ජාතීන්ගේ සමුළුව කොළඹදී සාර්ථකව නිමාවෙයි

ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ 4 වන ආදර්ශ එක්සත් ජාතීන්ගේ සමුළුව කොළඹදී සාර්ථකව නිමාවෙයි

19 February 2026
ශුද්ධ වූ රාමසාන් මාසය පිළිගැනීමට කින්නියාවේ දරු දැරියන්ගෙන් වර්ණවත් පෙළපාලියක්

ශුද්ධ වූ රාමසාන් මාසය පිළිගැනීමට කින්නියාවේ දරු දැරියන්ගෙන් වර්ණවත් පෙළපාලියක්

19 February 2026
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙක්

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙක්

19 February 2026
ඉතාලියට ලකුණු 166ක ඉලක්කයක්

ඉතාලියට ලකුණු 166ක ඉලක්කයක්

19 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශුද්ධ වූ රාමසාන් මාසය පිළිගැනීමට කින්නියාවේ දරු දැරියන්ගෙන් වර්ණවත් පෙළපාලියක්

ශුද්ධ වූ රාමසාන් මාසය පිළිගැනීමට කින්නියාවේ දරු දැරියන්ගෙන් වර්ණවත් පෙළපාලියක්

19 February 2026
ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙක්

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙක්

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved