කොළඹ ක්‍රිෂ් (Krrish) ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන අප්‍රේල් මස 02 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (19) නියෝග කළේය.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරිය නඩුව කැඳවීම සඳහා අප්‍රේල් 02 වනදා දින නියම කරන ලදී.
ක්‍රිෂ් සමාගම මඟින් මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ව්‍යාපෘතියකට අදාළව රුපියල් මිලියන 70ක මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවට නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.














