ඓතිහාසික දීඝවාපී සෑරඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ඉතා සාර්ථකව සිදුකෙරෙමින් පවතින අතර, ඒ සඳහා අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය කිරීමේ කටයුතු ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ. මෙම ගඩොල් පිළිස්සීමේ කටයුතු සඳහා අවශ්‍ය කරන දර සහ දහයියා සපයා ගැනීම වෙනුවෙන් පින් කැමති බැතිමතුන්ගේ දායකත්වය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව ඉල්ලා සිටියි.
මෙම උතුම් පුණ්‍ය කර්මයට දර සහ දහයියා පරිත්‍යාග කිරීමට කැමැත්තක් දක්වන පින්වතුන් සිටී නම්, පහත සඳහන් දුරකථන අංකය හරහා දීඝවාපී ව්‍යාපෘතිභාර නිලධාරී සම්බන්ධ කර ගැනීමට හැකියාව පවතී.
දුරකථන අංකය: 074-1435729
පරිත්‍යාග කිරීමට අපේක්ෂා කරන ද්‍රව්‍යයන් පූජා භූමිය වෙත රැගෙන විත් බාර දීමෙන් මෙම ඓතිහාසික චෛත්‍ය රාජයාණන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීමට ඔබට දායක විය හැකිය.














