රාජ්‍ය නිලයක් හොබවමින් සිටියදී විෂමාචාරයක් සිදුකළ බවට වූ සැකයක් මත බ්‍රිතාන්‍ය පොලිසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගත්, චාල්ස් රජුගේ බාල සහෝදරයා වන ඇන්ඩෘෘ මවුන්ට්බැටන් වින්ඩ්සර් (ඇන්ඩෘෘ කුමරු) නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අත්අඩංගුවෙන් නිදහස් කළද, ඔහුට එරෙහිව පවතින ප්‍රධාන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර නොමැති බව ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය සඳහන් කරයි. විශේෂයෙන්ම, කුප්‍රකට ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් සමඟ පැවැත්වූ සමීප සබඳතා සහ ඒ හරහා එල්ල වී ඇති ලිංගික අපයෝජන චෝදනා පිළිබඳව බලධාරීන්ගේ දැඩි අවධානය තවදුරටත් යොමු වී ඇත.
මීට පෙර ඇන්ඩෘෘ කුමරු ලෙස රාජකීය ගෞරව නාමයන් සහිතව කටයුතු කළද, ඔහුට එල්ල වූ බරපතළ චෝදනා හේතුවෙන් පසුගිය වසරේදී ඔහුව රාජකීය නිල රාජකාරිවලින් ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය රජ පවුල කටයුතු කළේය. ඒ අනුව ඔහු දැනට හුදෙක් සාමාන්‍ය පුරවැසියෙකු ලෙස මෙම නෛතික ක්‍රියාවලියට මුහුණ දෙමින් සිටී.
බ්‍රිතාන්‍ය පොලිසිය ප්‍රකාශ කරන්නේ මෙම විමර්ශනයට අදාළ වැඩිදුර සාක්ෂි ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ පරීක්ෂණ ආයතන සමඟ ද සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවයි.













