රට වර්තමානයේ පවතින තත්ත්වයෙන් තවදුරටත් ඉහළට ඔසවා තැබීමට නම් සෑම ක්ෂේත්‍රයකම වෘත්තීයවේදීන්ට සිය වෘත්තීයභාවය අනුව කටයුතු කිරීමට ඉඩකඩ සලසා දිය යුතු බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී අද (20) පැවැති “ආකිටෙක් 2026” (Architect 2026) ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අමතමිනි.
වත්මන් රජය බලයට පත්වන අවස්ථාවේදී ශ්‍රී ලංකාව ලෝකයේ දූෂිත රටවල් ලැයිස්තුවේ ඉහළ ස්ථානයක පසුවූ බවත්, නමුත් රජය අනුගමනය කළ දැඩි මූල්‍ය විනය සහ විනිවිදභාවය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව දූෂණය අවම කළ රටක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. රටේ ආර්ථික ස්ථායීතාව සහ සංවර්ධනය සඳහා පාලන පද්ධතිය තුළ වෘත්තීයවේදීන්ගේ මැදිහත්වීම තීරණාත්මක සාධකයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට වාස්තු විද්‍යාඥයන් ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ වෘත්තීයවේදීන් රැසක් සහභාගී වී සිටි අතර, මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සහ අනාගත ඉලක්ක පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.














