යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (JIA) දැනට ක්‍රියාත්මක වන නව මගී පර්යන්ත ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (20) එහි සංචාරයක නිරත විය. උතුරු පළාතේ සංචාරක සහ වෙළෙඳ ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරමින් ජාතික ආර්ථිකයට සෘජු දායකත්වයක් ලබා දීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
පසුගිය 2025 වසර තුළ පමණක් මෙම ගුවන් තොටුපළ හරහා ගුවන් මගීන් 53,443 දෙනෙකු සිය ගමන් අවශ්‍යතා සපුරාගෙන ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. මෙය යාපනය ගුවන් තොටුපළ ආරම්භ කළ පසු වාර්තා වූ ඉහළම මගී සංඛ්‍යාව ලෙස ඉතිහාසයට එක් වේ.
සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම සැලකිල්ලට ගෙන රුපියල් මිලියන 700ක පමණ ආයෝජනයකින් නවීන මගී පර්යන්තයක් ඉදිකිරීමේ කටයුතු මේ වන විට අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම සංවර්ධන කටයුතු හරහා උතුරු පළාතේ ප්‍රධාන වෙළෙඳ සම්බන්ධතා ශක්තිමත් කිරීමටත්, එමගින් රජයට නව ආදායම් මාර්ග උත්පාදනය කිරීමටත් බලධාරීන් අපේක්ෂා කරයි.
යාපනය දිස්ත්‍රික්කය සතු සංචාරක විභවතාව උපරිම ලෙස භාවිතයට ගැනීම සඳහා ගුවන් තොටුපළේ ධාවන පථය පුළුල් කිරීම පිළිබඳව ද රජයේ දැඩි අවධානය යොමු වී තිබේ.














