සම්බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට සහ බෞද්ධ සංස්කෘතියට එල්ල වන විවිධ තර්ජන පරාජය කිරීමේ අරමුණින් සංවිධාන කරන මහ සඟ සමුළුව කොළඹ 07 බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී අද (20) ආරම්භ වුණා.
රට පුරා පවතින ගුරු හිඟයට විසඳුම් ලෙස උපාධිධාරීන් 23,000කට වැඩි පිරිසක් ගුරු සේවයට බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලැබී ඇති බව අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. මෙම බඳවා ගැනීමේ ක්‍රියාවලිය 2026 වසර තුළදීම අවසන් කිරීමට රජය සැලසුම් කර තිබේ.
අග්‍රාමාත්‍යවරිය සඳහන් කළ පරිදි, විවෘත සහ සීමිත පදනම යටතේ තරඟ විභාග පවත්වා මෙම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතය. මෙමගින් දැනට පාසල් පද්ධතියේ පවතින ගුරු හිඟය මෙන්ම, දීර්ඝ කාලයක සිට පවතින ගුරු මාරුවීම් සම්බන්ධ ගැටලු සඳහා ද ස්ථිරසාර විසඳුම් ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
පසුගියදා (18) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ ‘අධ්‍යාපන සභාවක්’ පිහිටුවීම සඳහා වන නිර්දේශ ඇතුළත් කමිටු වාර්තාව ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතිය සහ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා මෙම සභාව පිහිටුවීම තීරණාත්මක පියවරක් වනු ඇත.
ඉදිරිපත් කරන ලද එම වාර්තාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කිරීමට නියමිතය. ඒ පිළිබඳව මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මහජනතාවට මාසයක කාලයක් ලබා දීමට ද කාරක සභාවේදී තීරණය විය.














