කොළඹ වරාය පරිශ්‍රයේදී බර අඩු එසවුම් යන්ත්‍රයක් (Forklift) යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඊයේ (19) පස්වරුවේ වරාය පරිශ්‍රයේ අදියර තුනේ සිට අදියර දෙක දෙසට ධාවනය වූ එසවුම් යන්ත්‍රයක්, එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ පසුපස ගමන් කළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මියගිය පුද්ගලයා රිදීගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකි. අනතුරට සම්බන්ධ එසවුම් යන්ත්‍රයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














