යාපනය කන්කසන්තුරේ වරායේ අනාගත සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන් අද දින එම වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම සංචාරයේදී අමාත්‍යවරුන් ඇතුළු නියෝජිත පිරිස වරායේ වර්තමාන ක්‍රියාකාරකම් මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද අදාළ නිලධාරීන් සමඟ දීර්ඝ වශයෙනයාපනය කන්කසන්තුරේ වරායේ අනාගත සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන් අද දින එම වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම සංචාරයේදී අමාත්‍යවරුන් ඇතුළු නියෝජිත පිරිස වරායේ වර්තමාන ක්‍රියාකාරකම් මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද අදාළ නිලධාරීන් සමඟ දීර්ඝ වශයෙන#BreakingNewsSL් සාකච්ඡා කළහ.
මේ අතර උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති ඉහළ මට්ටමේ සාකච්ඡාවකදී උතුරු පළාතේ ග්‍රාමීය තරුණ තරුණියන් සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳ දැනුවත් කිරීම සඳහා මහා පරිමාණ ව්‍යාපෘතියක් දියත් කිරීමට තීරණය වී තිබේ. මෙහි තවත් පියවරක් ලෙස පලාලි ගුවන්තොටුපළ තුළ විශේෂ ප්‍රදර්ශන ශාලාවක් ස්ථාපිත කිරීමට ද නියමිත අතර, එමගින් ගුවන් සේවා අංශය කෙරෙහි තරුණ උනන්දුව වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.














