දිවයින පුරා ක්‍රියාත්මක වන ‘රටටම එකට’ මත්ද්‍රව්‍ය විරෝධී ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 99,540ක් දක්වා ඉහළ ගොස් තිබේ. පොලිස් මාධ්‍ය අංශයට අනුව, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය කඩාකප්පල් කිරීම අරමුණු කරගනිමින් සිදුකළ වැටලීම් 100,247කට අදාළව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. මෙම මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම හරහා නීති විරෝධී ලෙස උපයාගත් වත්කම් සම්බන්ධයෙන් සැකකරුවන් 137 දෙනෙකුට එරෙහිව විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, පුද්ගලයින් 1,973 දෙනෙකු සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. එසේම, අත්අඩංගුවට ගත් පිරිසෙන් සැකකරුවන් 1,639 දෙනෙකු පුනරුත්ථාපන කටයුතු සඳහා යොමු කිරීමට ද පොලිසිය පියවර ගෙන ඇත.
මෙම දැවැන්ත මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පිළිබඳව ද පොලිසිය තොරතුරු අනාවරණය කර තිබේ. ඒ අනුව හෙරොයින් කිලෝග්‍රෑම් 524 යි ග්‍රෑම් 906 ක්, ස්ඵටික මෙතම්ෆෙටමින් හෙවත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,416 යි ග්‍රෑම් 41 ක් සහ මත්ද්‍රව්‍ය පෙති 932,976 ක් පොලිස් භාරයට ගෙන ඇත. මීට අමතරව ගංජා කිලෝග්‍රෑම් 11 යි ග්‍රෑම් 674 ක්, කොකේන් කිලෝග්‍රෑම් 199 යි ග්‍රෑම් 864 ක් සහ හෂිෂ් කිලෝග්‍රෑම් 121 යි ග්‍රෑම් 962 ක් ද මෙම වැටලීම්වලදී සොයාගෙන තිබේ. දිවයින පුරා මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන මෙම විශේෂ මෙහෙයුම් ඉදිරියටත් දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරයි.














