දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අන්තර් හුවමාරු අතර පරගස්තොට ප්‍රදේශයේදී (කිලෝමීටර් 18.09 කණුව ආසන්නයේ) අද (22) පෙරවරුවේ වාහන තුනක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අධිවේගී රථවාහන පොලිසියට අනුව, මාතර දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් සහ මෝටර් රථ දෙකක් මෙලෙස එකිනෙක ගැටී ඇත. අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ව වහාම කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම අනතුර හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට වන මංතීරුවල තරමක රථවාහන තදබදයක් හටගත් අතර, පොලිසිය මැදිහත් වී අනතුරට පත් වාහන ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළේය.














