එක්සත් රාජධානියේ ලන්ඩන් බෞද්ධ විහාරය ආරම්භ කර වසර සියයක් සපිරීම නිමිත්තෙන් පැවැත්වූ විශේෂ ආගමික වැඩසටහනකට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වී තිබේ. විහාරස්ථානය වෙත පැමිණි ඒ මහතා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව, විහාරවාසී මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට ද කටයුතු කළේය.
විහාරස්ථානයේ සියවස් පූර්ණ සැමරුම වෙනුවෙන් සිය සුබපැතුම් එක් කළ මන්ත්‍රීවරයා, එහි රැස්ව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් සමඟ ද සුහද පිළිසඳරක නිරත විය. විශේෂ දේශනයක් සඳහා නාමල් රාජපක්ෂ මහතා මේ වන විට බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටින අතර, මෙම ආගමික වැඩසටහන එම සංචාරයට සමගාමීව සංවිධානය කර තිබුණකි.














