පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 වටය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (22) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පස්වරු 3.00ට තරගය ආරම්භ වීමට නියමිතව තිබුණද, පවතින වායුගෝලීය තත්ත්වය අනුව මහනුවර ප්‍රදේශයට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. කෙසේ වෙතත්, හෙටින් (23) පසුව වැසි සහිත කාලගුණයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














