ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 171කි. සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලට ද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇද හැලී තිබේ. දිවයින ආසන්නයේ පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (22) පස්වරු 1.00න් පසු ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ ගිගුරුම් සහිත වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් මහනුවර ප්‍රදේශයට පස්වරුවේ වැසි ඇතිවීමේ හැකියාව පවතින බැවින්, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ අද පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත විස්සයි-20 ලෝක කුසලාන තරගයට ඉන් බාධා එල්ල විය හැකිය. කෙසේ වෙතත්, හෙට සිට වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කෙරේ.














