ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ බූස්ස, පිටිවැල්ල ප්‍රදේශයේදී ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිදුවූ දරුණු රිය අනතුරකින් 22 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ. කොළඹ සිට මාතර දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ ගාල්ල දෙස සිට පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව රත්ගම පොලිසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ රුක්ෂාන් ලියනගේ නැමැති තරුණයෙකි. බරපතල තුවාල ලැබූ ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














