මහවැලි ගංගා ද්‍රෝණියේ ඉහළ පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉදිරි පැය 24 සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මේ අනුව කින්නියා, මුතූර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව සහ දිඹුලාගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතී. විශේෂයෙන් මනම්පිටිය ප්‍රදේශයේ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා මඩකලපුව – පොළොන්නරුව මාර්ගයේ ගාල්ලැල්ල ප්‍රදේශය සහ සෝමාවතිය රජමහා විහාරයට පිවිසෙන මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් ඇති බැවින් එම ප්‍රදේශවල ගමන් කිරීමෙන් වළකින ලෙස බලධාරීන් ජනතාවට දැනුම් දෙයි.














