පොලිසිය විසින් ඊයේ (21) දිනය පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 508 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී පුද්ගලයන් 28,369 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, අත්අඩංගුවට ගත් පිරිස අතර වරෙන්තුකරුවන් 325ක් සහ විවෘත වරෙන්තුකරුවන් 210ක් සිටින බව පොලිසිය පවසයි. මීට අමතරව බීමත් රියදුරන් 226ක් සහ රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 3,681 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත. අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.














