පසුගිය වසරේ (2025) දෙපාර්ශවය අතර ඇති කරගත් ඓතිහාසික වෙළඳ ගිවිසුමේ කොන්දේසිවලට අනුකූලව කටයුතු කරන ලෙස යුරෝපා කොමිසම අමෙරිකා එක්සත් ජනපදයෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි. 2025 අගෝස්තු මාසයේදී ස්කොට්ලන්තයේ Turnberry හිදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේයන් අතර ඇති වූ මෙම එකඟතාවට අනුව, යුරෝපා අපනයන සඳහා පනවා තිබූ තීරුබදු 15% ක උපරිමයකට යටත් කිරීමට ඇමරිකාව එකඟ වී තිබුණි.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය උඩුයටිකුරු වූයේ 2026 පෙබරවාරි 20 වනදා ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවත් සමඟයි. ජනාධිපති ට්‍රම්ප් විසින් හදිසි නීතිමය බලතල (IEEPA) භාවිතා කරමින් පනවා තිබූ ගෝලීය වෙළඳ බදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව අධිකරණය තීන්දු කළේය. මෙම තීන්දුවෙන් පසු ජනාධිපතිවරයා නැවතත් නව ගෝලීය බදු පැනවීමට උත්සාහ කිරීමත් සමඟ වෙළඳ ගිවිසුමේ ස්ථාවරත්වය පිළිබඳ ගැටලු මතුව තිබේ.
යුරෝපා කොමිසම පවසන්නේ “ගිවිසුමක් යනු ගිවිසුමක්ම” (A deal is a deal) බවත්, ඇමරිකානු අභ්‍යන්තර අධිකරණ තීන්දු කුමක් වුවත් මීට පෙර එකඟ වූ 15% ක බදු සීමාව ඉක්මවා කටයුතු නොකළ යුතු බවත්ය. මෙම අවිනිශ්චිත තත්ත්වය ගෝලීය වෙළඳපොළට මෙන්ම සැපයුම් දාමයන්ට දැඩි බලපෑමක් එල්ල කරන බව පෙන්වා දෙන යුරෝපා සංගමය, ඇමරිකාව සිය පොරොන්දු ඉටු නොකරන්නේ නම් පෙරලා ප්‍රතිචාර දැක්වීමට (Retaliatory measures) සිදුවනු ඇති බවට ද ඉඟි කර ඇත.













