පුත්තලම ප්‍රදේශයේ 75 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකු ඝාතනය කර එම රථය කොල්ලකෑ බව කියන 16 හැවිරිදි පාසල් වියේ පසුවන සැකකරුවෙකු පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 21 වැනිදා රාත්‍රියේ කුලී ගමනක් යන මුවාවෙන් අදාළ රියදුරාව රැගෙන ගොස් ඇති සැකකරු, රියදුරුගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර පසුව සිරුර කාණුවකට දමා ත්‍රීරෝද රථය පැහැරගෙන ගොස් ඇත. මියගොස් ඇත්තේ අබ්දුල් ලතීෆ් නැමැති තිදරු පියෙකු වන අතර, ඔහුගේ සිරුර ඊයේ (22) අඩපනාවිල්ලුව ප්‍රදේශයේ තිබී සොයාගැනිණි. අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ අයෙකු බවත්, මුදල් සහ රථය ලබාගැනීමේ අරමුණින් මෙම ඝාතනය කළ බවත් පොලිසියට පාපොච්චාරණය කර තිබේ.














