කළුතර උතුර නාගස්හන්දිය ප්‍රදේශයේදී අද (23) උදෑසන සිදුවූ දරුණු රිය අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි ජනිත් හර්ෂන නැමැති තරුණයෙකි. සිය මිතුරෙකු සමඟ පානදුර දෙස සිට කළුතර දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි මෙම තරුණයා, නාගස්හන්දිය ප්‍රදේශයේදී මාර්ගයේ දකුණු පස ඇති මාවතකට හැරවීමට උත්සාහ කර ඇත. එහිදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර, යතුරුපැදියේ පසුපස ගමන් කළ අනෙක් තරුණයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.














