උතුරු කොරියාවේ පාලක ‘කම්කරු පක්ෂයේ’ (Workers’ Party) ප්‍රධාන ලේකම්වරයා ලෙස කිම් ජොන් උන් මහතා යළිත් වරක් තේරී පත්වී ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. පස් වසරකට වරක් පැවැත්වෙන පක්ෂ සම්මේලනයේ සිව්වන දිනයේදී මෙම නිවේදනය නිකුත් වූ අතර, 1940 දශකයේ සිට එරට පාලනය කරන කිම් පවුලේ නායකත්වය මෙලෙස තහවුරු වී තිබේ. එහිදී අදහස් දක්වමින් කිම් ජොන් උන් පවසා ඇත්තේ සිය නායකත්වය යටතේ රටේ න්‍යෂ්ටික බලය කේන්ද්‍ර කරගනිමින් යුද ශක්තිය විශාල ලෙස ඉහළ නංවා ඇති බවයි. සම්බාධක මධ්‍යයේ වුවද සිය අවි ආයුධ වැඩසටහනේ මීළඟ අදියර ප්‍රකාශයට පත් කිරීමට ඔහු අපේක්ෂා කරන අතර, මෙවර සම්මේලනයේදී පක්ෂ විධායක කමිටුවේ සාමාජිකයන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් අලුතින් පත් කර තිබීම විශේෂත්වයකි. එසේම ඔහුගේ දියණිය වන කිම් ජූ ඒ (Ju Ae) ඉදිරි පාලකයා ලෙස නම් කෙරෙනු ඇතිද යන්න පිළිබඳව ද ජාත්‍යන්තර අවධානය යොමුව පවතී.














