හික්කඩුව ප්‍රදේශයේදී බන්ධනාගාර නිලධාරියෙකුට මන්නා පිහියකින් පහරදී අත කපා බරපතළ තුවාල සිදුකර යතුරුපැදියක් මංකොල්ලකෑම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් තිබ්බටුගොඩ, හොරණ, මොරගහහේන සහ බුලත්සිංහල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22ත් 36ත් අතර පසුවන මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූවන් බව අනාවරණය වී ඇත. මංකොල්ලකන ලද භාණ්ඩ කොටස් කර විකුණූ පුද්ගලයෙකුද අත්අඩංගුවට පත් පිරිස අතර සිටින අතර, අපරාධ සඳහා භාවිතා කළ මන්නා පිහියක් සහ යතුරුපැදි තුනක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙම කල්ලිය මංකොල්ලකෑ යතුරුපැදිවල අංක තහඩු වෙනස් කරමින් හේනේගම, කහතුඩුව, කුඹුක සහ හොරණ ප්‍රදේශවල තවදුරටත් මංකොල්ලකෑම් සිදුකර ඇති බව හෙළිවී ඇති අතර, සැකකරුවන් අද (23) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














