මහියංගණ අරාවත්ත 51 කණුව ප්‍රදේශයේදී යකඩ පොල්ලකින් හිසට පහරදී 48 හැවිරිදි පෙදරේරුවෙකු ඝාතනය කර ඇතැයි මහියංගණ පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අරාවත්ත ප්‍රදේශයේම පදිංචිව සිටි රූපසිංහගේ නිලන්ත නැමැති අයෙකි. මියගිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයා සහ ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු අතර මත්පැන් අලෙවිසැලක් අසලදී ඇති වූ බහින්බස් වීමක් මෙම ඝාතනයට මුල් වී තිබේ. සහෝදරයා එම ස්ථානයෙන් පිටව ගිය පසු, අදාළ තරුණයන් දෙදෙනා කඩ කාමරයක් තුළ රැඳී සිටි මල්ලී හෙවත් පෙදරේරුවාට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් 23 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු සොයා පොලිසිය විමර්ශන පවත්වයි.
















