පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක සුපිරි 8 දෙනාගේ වටයේ තවත් උණුසුම් තරගයක් අද (23) පැවැත්වේ. මෙම තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම එකිනෙකාට එරෙහිව පිටියට පිවිසීමට නියමිතය. ඉන්දියාවේ මුම්බායි හි සුප්‍රකට වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7:00 ට ආරම්භ වීමට නියමිතව තිබේ. අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු රඳවා ගැනීම සඳහා කණ්ඩායම් දෙකටම මෙම තරගයේ ජයග්‍රහණය අතිශය වැදගත් වේ.
















