පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මහජනතාව රවටා මුදල් වංචා කළ සැකකරුවන් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වංචනිකයින් විදේශීය දුරකථන අංක භාවිත කරමින් බැංකු නිලධාරීන් ලෙස මුලින්ම ඇමතුම් ලබා දෙන අතර, පසුව පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගෙන WhatsApp වීඩියෝ ඇමතුම් ඔස්සේ පෙනී සිටිමින් අදාළ පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වල පැමිණිලි ඇති බව පවසා බිය ගන්වා ඇත. පසුව එම ගිණුම් පරීක්ෂා කිරීමට යැයි පවසමින් ඔවුන් ලබාදෙන ගිණුම්වලට මුදල් තැන්පත් කරවා ගන්නා බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙම මුදල් පසුව ක්‍රිප්ටෝ මුදල් (Crypto-currency) බවට පරිවර්තනය කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.














