ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සංවිධානය කරන දකුණු පළාත් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) මාතරදී පැවැත්වේ. ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල අපනයනකරුවන් මුහුණ දෙන අභියෝග හඳුනා ගැනීම සහ ඔවුන් සවිබල ගැන්වීම මෙහි මූලික අරමුණයි. මෙම සමුළුවේදී අපනයනකරුවන්ට තම ගැටලු සෘජුවම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන අතර, අදාළ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ද ඊට සහභාගී වේ. අපනයන සංවර්ධන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය මේ වන විටත් අපනයනකරුවන්ගේ ගැටලු සහ යෝජනා රැස් කරමින් පවතින අතර, එමගින් වඩාත් ඵලදායී විසඳුම් ලබා දීමට අපේක්ෂා කෙරේ.














