ප්‍රාග් ඓතිහාසික මෙගලතික යුගයට අයත් යැයි සැලකෙන අතිශය ඓතිහාසික වටිනාකමකින් යුත් යාං ඔය හරහා ඉදිකර තිබූ ගල්පාලම, නිධන් සෙවීමේ අරමුණින් බැකෝ යන්ත්‍ර යොදා විනාශ කර ඇති බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති. කෝන්වැව පඬරුල්ලාව ප්‍රදේශයේ පිහිටි මෙම වැදගත් පුරාවිද්‍යාත්මක ස්මාරකය මෙලෙස ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
මෙම ගල්පාලම මෙරට මෙගලතික සංස්කෘතියේ තාක්ෂණය සහ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ තොරතුරු සපයන දුර්ලභ සාක්ෂියක් වන අතර, එය විනාශ කිරීම ජාතික උරුමයට සිදුකළ විශාල හානියක් බව විද්වත්හු පෙන්වා දෙති. නිධන් වස්තු සෙවීම සඳහා මෙවැනි දරුණු ක්‍රියාවන් සිදුකිරීම පිළිබඳව කහටගස්දිගිලිය පොලිසිය සහ පුරාවිද්‍යා නිලධාරීන් එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.














