මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය කිරීම සඳහා රජය ආරම්භ කළ වැඩපිළිවෙළ මේ වන විට ඉතා සාර්ථක මට්ටමක පවතින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. පුනරුත්ථාපන කාර්යාංශයේ සහකාර කොමසාරිස් කර්නල් චන්න ගෝමස් මහතා සඳහන් කළේ, පළමු කණ්ඩායම සිය පුනරුත්ථාපන කාලසීමාව සාර්ථකව නිමා කර මේ වන විට සමාජගත වී ඇති බවයි.
මෙම ක්‍රියාවලියේ ඇති විශේෂත්වය වන්නේ මත්ද්‍රව්‍යවලින් මිදීමට අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකුට ස්වකීය කැමැත්ත මත පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු වීමට ඇති හැකියාවයි. මෙලෙස ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නන් සඳහා ක්‍රමානුකූල වෛද්‍ය සහ මනෝවිද්‍යාත්මක උපදේශන සේවාවන් සපයනු ලැබේ.
මෙම වැඩපිළිවෙළට එක්වීමට කැමති අයෙකුට හෝ ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමට අවශ්‍ය ඥාතීන් හට 011 2883891 යන දුරකථන අංකය ඔස්සේ පුනරුත්ථාපන කාර්යාංශය හා සම්බන්ධ විය හැකිය. මත්ද්‍රව්‍ය උවදුරින් සමාජය මුදාගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන පුළුල් වැඩපිළිවෙළේ තවත් එක් සාර්ථක පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය.














