පෝලන්තයේ වෝර්සෝහි පිහිටි ආසියා සහ පැසිෆික් කෞතුකාගාරයේ පැවැත්වුණු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ වාර්ෂික හමුවේදී, පෝලන්ත නියෝජ්‍ය අගමැති හා විදේශ අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි (Radoslaw Sikorski) මහතා සහ පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රියංගිකා ධර්මසේන මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙහිදී අමාත්‍ය සිකෝර්ස්කි මහතා මීට පෙර ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයන් පිළිබඳව සිය මතකය අලුත් කළ අතර, ශ්‍රී ලංකාවට පැමිණෙන පෝලන්ත සංචාරකයන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය වීම පිළිබඳව ද දෙපාර්ශ්වයම සිය සතුට පළ කළහ. ආසියා-පැසිෆික් කලාපය සමඟ පවතින දේශපාලන සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ වැදගත්කම පිළිබඳව පෝලන්ත රජයේ අවධානය මෙහිදී යොමු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම හමුව හරහා දෙරට අතර සංචාරක සහ ආර්ථික සහයෝගිතාව තවදුරටත් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














