• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ දේශීය වෛද්‍ය ක්‍රමය නංවාලීමට නව ක්‍රියාකාරී සැලසුමක්

23 February 2026
in දේශීය, පුවත්
ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ  දේශීය වෛද්‍ය ක්‍රමය නංවාලීමට නව ක්‍රියාකාරී සැලසුමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නව ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත්, එය සාර්ථක කර ගැනීම සඳහා විධිමත් ක්‍රියාකාරී සැලසුමක් සකස් කරන බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේය. දේශීය වෛද්‍ය ක්‍රමය නූතන අවශ්‍යතා අනුව සංවර්ධනය කරමින් එහි සුවිශේෂතා සංචාරක ක්ෂේත්‍රය සමඟ බද්ධ කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙරට ආයුර්වේද වෛද්‍ය සේවාව වඩාත් ඵලදායී සහ සැලසුම් සහගත ලෙස ඉදිරියට ගෙන යාම සඳහා විද්වතුන්ගේ සහ විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. කොළඹ පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයේදී පැවැති මෙම හමුවේදී ආයුර්වේද ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ඉදිරි සැලසුම් සහ මාර්ගෝපදේශ පිළිබඳව පුළුල් ලෙස කරුණු සාකච්ඡා විය.
ආයුර්වේද සේවාවන් ගෝලීය වශයෙන් ඉන්දියාව සහ චීනය වැනි රටවල් සමඟ තරග කළ හැකි මට්ටමකට ප්‍රගතියක් අත්කර ගැනීම මෙහි එක් අරමුණකි. එමෙන්ම භෞතික හා මානව සම්පත් අභියෝග ජය ගැනීම සහ ආයුර්වේද පර්යේෂණ ක්ෂේත්‍රය පුළුල් කිරීම පිළිබඳවද අවධානය යොමු විය. රෝගී ප්‍රතිකාර ක්‍රමවේද සහ දත්ත කළමනාකරණය සඳහා විධිමත් දත්ත පද්ධතියක් (Data System) ස්ථාපනය කිරීම මෙන්ම අඩු පිරිවැයකින් ගුණාත්මක සේවාවක් ලබාදීම සහ පුනරුත්ථාපන සේවා විධිමත් කිරීම කෙරෙහිද සාකච්ඡා විය. තවද ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා විශේෂඥයන්ගෙන් සැදුම්ලත් විශේෂඥ කමිටුවක් පත් කිරීමටද මෙහිදී යෝජනා විය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හිටපු මහාචාර්ය රස්නායක එම්. මුදියන්සේ මහතාගේ මෙහෙයවීමෙන් පැවැති මෙම කතිකාවතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්, මහාචාර්ය සේනක පිලපිටිය, ආයුර්වේද කොමසාරිස් ජනරාල් දීප්ති සුමනසේන මහත්මිය ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටියහ.
Post Views: 3
Previous Post

රුසියානු තානාපති කාර්යාලයේ ‘විජයග්‍රහණ’ බැනරය ඉවත් කරන්නැයි දකුණු කොරියාවෙන් දැනුම්දීමක්

Next Post

යතිවර මාපිය නිවහන වැඩසටහන සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට ගත් කාලෝචිත පියවරක්

Editor TTV News

Editor TTV News

Next Post
යතිවර මාපිය නිවහන වැඩසටහන  සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට  ගත් කාලෝචිත පියවරක්

යතිවර මාපිය නිවහන වැඩසටහන සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට ගත් කාලෝචිත පියවරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බිබිල – මොණරාගල මාර්ගයේ වෑන් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි

බිබිල – මොණරාගල මාර්ගයේ වෑන් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි

12 April 2026
හයිටි රාජ්‍යයේ ඓතිහාසික ලෆෙරියර් බලකොටුවේදී සිදු වූ තෙරපීමකින් 30ක් මියයයි

හයිටි රාජ්‍යයේ ඓතිහාසික ලෆෙරියර් බලකොටුවේදී සිදු වූ තෙරපීමකින් 30ක් මියයයි

12 April 2026
නිව්යෝර්ක් දුම්රිය පොළක මාරක පිහි ඇනුමක්

නිව්යෝර්ක් දුම්රිය පොළක මාරක පිහි ඇනුමක්

12 April 2026
ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් UFC සටන් නැරඹීමට එක්වෙයි

ඇමරිකා – ඉරාන සාම සාකච්ඡා අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් UFC සටන් නැරඹීමට එක්වෙයි

12 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බිබිල – මොණරාගල මාර්ගයේ වෑන් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි

බිබිල – මොණරාගල මාර්ගයේ වෑන් රථයක් සහ මෝටර් රථයක් ගැටෙයි

12 April 2026
හයිටි රාජ්‍යයේ ඓතිහාසික ලෆෙරියර් බලකොටුවේදී සිදු වූ තෙරපීමකින් 30ක් මියයයි

හයිටි රාජ්‍යයේ ඓතිහාසික ලෆෙරියර් බලකොටුවේදී සිදු වූ තෙරපීමකින් 30ක් මියයයි

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved