ශ්‍රී ලංකා ජාතික ත්‍රිත්ව ළමා පදනමේ සභාපති මෙන්ම මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ ආචාර්ය, දර්ශනපති, නීතිවේදී ඉබ්බාවල ප්‍රඥාරාම හිමිපාණන් වහන්සේගේ ආදරණීය මෑණියන් වූ දයාවතී දිසානායක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. හිටපු ව්‍යාපාරිකයෙකු වූ අභාවප්‍රාප්ත හෙනගමවිතානගේ හින්නි අප්පු මහතාගේ බිරිඳ වූ ඇය දරුවන් හත්දෙනෙකුගේ මවකි.
රට වෙනුවෙන් සේවය කළ දරුවන්ගේ මවක ලෙස ඇය රණවිරු, රණශූර සහ රණවික්‍රම මාතා යන ගෞරව පදක්කම්වලින් ද පිදුම් ලැබූ මාතාවකි. දයාවතී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු වැලිගම, ඉබ්බාවල පිහිටි පවුලේ සුසාන භූමියේදී අද (23) පස්වරුවේ සිදු කිරීමට නියමිතව ඇත.














