හිගුරක්ගොඩ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ හතමුන, ජයවික්‍රම හන්දිය ආසන්නයේදී පසුගිය පෙබරවාරි 18 වන දින දරුණු රිය අනතුරක් සිදුවිය. ත්‍රිකුණාමලයේ සිට බුත්තල ප්‍රදේශය දක්වා ප්‍රීමා තිරිඟු පිටි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථයේ පාලනය ගිලිහී ගොස් ඇති අතර, ඉන් රියදුරා තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත. අනතුර හේතුවෙන් ලොරි රථයට සහ එහි ප්‍රවාහනය කළ පිටි තොගයට ද හානි සිදුව ඇති බව වාර්තා වේ. අධික වේගය හෝ රියදුරාට නින්ද යාම මෙම අනතුරට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
ආරක්ෂාකාරී රිය පැදවීමක් තුළින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරීමට, මෙම අනතුරෙහි ඡායාරූප විමසා බලා රියදුරන් වඩාත් අවධානයෙන් යුතුව කටයුතු කිරීම වැදගත් වේ. මාර්ග නීති පිළිපැදීමෙන් මෙවැනි අනතුරු වළක්වා ගැනීමට සහ වටිනා ජීවිත මෙන්ම දේපළ ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා වගබලා ගත යුතුය.














