අධ්‍යාපන ක්‍රමයේ පවතින පිරිහීම පෙන්වා දීම සඳහා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 81 හැවිරිදි නිමල් සිල්වා මහතා, ගණිතය ප්‍රශ්න පත්‍රය අතිශය දෝෂ සහගත බව පවසයි. විභාගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ 2025 ගණිතය ප්‍රශ්න පත්‍රය දරුවන්ගේ දැනුම මැනීමට නොව, ඔවුන්ව අසමත් කිරීමටම සකස් කරන ලද්දක් බවයි. ගණිතය පිළිබඳ ග්‍රන්ථයක් ද රචනා කර ඇති ඒ මහතා, ප්‍රශ්න පත්‍රයේ පවතින තාක්ෂණික දෝෂ පිළිබඳ වාර්තාවක් විභාග දෙපාර්තමේන්තුවට සහ අගමැති කාර්යාලයට ඉදිරිපත් කිරීමට ද සූදානම් වේ.














