2016 වසරේ ජනවාරි 01 වැනිදා හෝ ඉන් පසුව රජයේ සේවයට බඳවා ගත් සියලුම නිලධාරීන් සඳහා ‘විශ්‍රාම වැටුප් හිමිකම’ ලබාදීමට අදාළ නිල චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් අද (23) නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් නිකුත් වූ මෙම චක්‍රලේඛයට අනුව, අදාළ නිලධාරීන්ගේ පත්වීම් ලිපි “විශ්‍රාම වැටුප් සහිතයි” යනුවෙන් සංශෝධනය කෙරෙනු ඇත. මීට පෙර මෙම කණ්ඩායම සඳහා ක්‍රියාත්මක වූයේ දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් වුවද, 2026 අයවැය යෝජනාවකට අනුව ඔවුන්වද සාමාන්‍ය විශ්‍රාම වැටුප් ක්‍රමයට ඇතුළත් කර තිබේ.
මෙම නව සංශෝධනයත් සමඟ අදාළ නිලධාරීන් වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට ද දායක විය යුතු අතර, රජය නියම කරන පරිදි ඒ සඳහා දායක මුදල් ගෙවිය යුතුය. ඉදිරියේදී රාජ්‍ය සේවයට බඳවා ගන්නා නවක නිලධාරීන් සඳහා ද මෙම විශ්‍රාම වැටුප් හිමිකම එලෙසින්ම බලපැවැත්වෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.














