2010 සිට 2025 දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි සැලකෙන මූල්‍ය වංචා, දූෂණ, බලය අනිසි ලෙස පාවිච්චි කිරීම් සහ නීති විරෝධී බඳවා ගැනීම් ඇතුළු විවිධ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ. මේ සඳහා මහජන පැමිණිලි භාරගන්නා අවසන් දිනය 2026 මාර්තු මස 16 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.
පැමිණිලි ඉදිරිපත් කළ හැකි ආකාර
ඔබට සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් ලිඛිතව හෝ වාචිකව පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
ලිඛිත පැමිණිලි: පහත ලිපිනයට තැපැල් මගින් යොමු කළ යුතුය.
ලේකම්,
කොළඹ මහ නගර සභාවේ දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව,
අංක 152, ගාලු පාර, කොළඹ 03.
වාචික පැමිණිලි: වාචිකව තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, මාර්තු 16 වැනිදාට ප්‍රථම දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීම සඳහා පහත දුරකථන අංකය ඇමතීම සිදු කළ යුතුය.
දුරකථන අංකය: 011 2 301 735
සෑම පැමිණිල්ලකම පැමිණිලිිකරුගේ නම, ස්ථිර ලිපිනය, දුරකථන අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය (හෝ ගුවන් ගමන් බලපත්‍ර අංකය) අනිවාර්යයෙන් සඳහන් කළ යුතුය. යම් හෙයකින් තමන්ගේ අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති නම්, ඒ පිළිබඳව ඉල්ලීමක් කිරීමට ද අවස්ථාව සලසා ඇත.
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විසින් පත්කළ මෙම කොමිසමේ සභාපතිත්වය දරන්නේ හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතායි. එහි සෙසු සාමාජිකයන් ලෙස ඊ.ආර්.එම්.එස්.එච්. ඒකනායක මහතා සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ මහතා කටයුතු කරයි.














